Saturday, May 11, 2024

සිහිනෙන් හෝ 🎀💖

 



ඔබේ පපුවේ හදගැස්ම

මා විදින මේ මොහොත,

මා හැර දමා යන්නේ නැත

ඔබේ හදවතේ ස්පන්දනය

ගෙන එන්නා වූ සැනසීම.

ඒ සැනසීම,

ලොව අන්  කිසිදු ප්‍රේමයක නොමැත.

ඔබේ පපුවට හිස තබාගෙන,

මැවූ තරු රටාවන්වල අපූර්වත්වය,

සුන්වූවා හිරු නැඟුණු සැනින්.

එය සිහිනයක් පමණක් විය.

නැවතත් මා බලා හිදිනුයේ

හෙට සඳ පායා රාත්‍රිය උදා වන තුරුය.


මන්ද ඒ


සිහිනෙන් හෝ ඔබේ පපුවට  කැටි වී, 

අනේකවිද තාරුකා රටා මවමින්

ඔබ සමග රැදෙන්නට.


මගේ ආදරණීය මෑණියනි !

Friday, May 10, 2024

මා පිය රජුනි ⚡

 



උදලු කෙටියෙන් බිම් පෙරළා,

කුසගින්නේ වෙලී මිරිකී,

නිවූ හැටි අප කුස ගිනි

මතකයි රජුනි පෙර දා


දිගු ගමනක් යාමට මා ඉදිරියේ බලා සිටින

දෙපා හරිහැටි වාරු නැති,

ඔබ බියෙන් බලා සිටියි.

එනමුදු ඔබ බලා සිටින්නේ 

ඔබේ ශක්තිය මා නිසාවෙනි.


මා පැමිණෙනවා පින් කද

බලා සිටිනු මැනවි!

ශක්තිමත් පවුරක් ලෙස,

නොසැලී ඔබ සමග ඔබ කැටුව

ඒ දිගු ගමන යාමට.

පියාණනි මා පියාණනි

සතුටු කදුලින් බල සිටිනු මැන

මා පිය රජුනි,

Tuesday, April 30, 2024

කැළණි මාතා 💖

 


කැළණියට ආදරෙන්


ඈත දුර මං පෙනෙන 

පේරෙ ජපුරත් මග හැර 

කොළඹටම ආ විගස 

හමුවීය කැළණිය 


නගින්නට කැළණි කන්දත් 

පසෙකින් පෙනෙන තල් වැටත් 

ජිමට බසිනා උනුවනුත් 

තෙල් බැම්මට ඇති අයිතීත්

හිඳින වටේටම 

රැග් කරන විට රැස්ව

ජිමත් බැම්මත් කාර්යබහුලය


වසරකුත් පසුව 

මංජුසා පැදුරු දෑල 

නොමියෙන මතක වැල් 

ගෙනෙන සැම අවුරුද්දක 


පොඩි උනුන් දැන් ලොකුයි

යන්නටත් වසර අත ළඟ 

තවත් මේ දෙස බලන දෑසට 

එන්නට ඉඟි කරන ඉදිරියට 


මතකනම් බොහොමයි 

දකින පෙනෙනා තැන සතුටයි

යහළුවන් සැම විකාරයි

සතර අතම එක යායයි 


මතක විතරක්ම 

ඉතුරුකොට යන්නට

පා තබන පියවර 

හැරී බලනට එකම කඳුලට ♥️✨🥺

Friday, April 26, 2024

ප්‍රේමියේ 💖

 



*නුවරත් ප්‍රේමයක්* 


බැස එන විට අත වනන සකුර මල් වසන්තේ 

ගිමන් නිව හෙමින් හිඳ සතර අත දිගන්තේ 

ඈත සිට බලන විට රනින් සැදු අංගනේ 

ඇවිද අත් පටලන්ට 

වැව රවුම අබියසේ 


කෝලයි රෑ ගෙවන 

හිරුගෙ රත් තැටි මවන 

වැහි බිඳු තෙත් කරන 

ආලයට හඬ නගන 


ඔබත් ප්‍රේමියක් ,

නැතඳු මා ළඟ තවම 

හිතේ සක්මන් කරන 

පෙර මන්හි හිත් යැව්ව 


නැවත සිහි එලවූ 

ඒ මතක අතරට 

නුවරම පාලුවෙන් 

නොදුටු ඔබෙ සිහිලැල් 


ඉදින් 

යලි එනු ද නොදන්නා 

එක් පසක ආල හැඟුමන් 

උඩු දුවනු 

වැටෙන හීන් හිරි පොදට 

මතක වැල් ඇවුස්සූ

Thursday, April 25, 2024

සොච්චම

 



*දවසෙ පඩිය* 


නිවසට පය තබන 

කප්පරක් හීන පොදි 

දියවි යන මහ වැස්ස බඳු වූ

සොච්චමයි අත වැකෙනු 

කෙසේ නම් පවසම්ද ?


පාසලේ හිඟ මුදල් 

පන්තියට තව මිටක් 

සැමට මුල මතකයේ 

අවසනට පවසන්න කියා සිටි

පොලුත් නෑ 

හාල් මිටකට හෙට ගෙවා දමනු රිසි

පොඩි උන්ට කිරි පිටිත් නැතුවාට කමක් නෑ 

කහට උගුරක් තොල ගාන්නට 

උනුන් දැන් පුරුදු වී 


සැම පියවා හිඳ 

පොඩි එකී අතේ එල්ලී 

ටොෆියක් නැද්ද අසනු 

සවනත් බෙර හඬට හරි බරි  ගැහී මෙන් 

අතේ ඇති සොච්චම

Tuesday, April 23, 2024

මත් වෙන රත් පැහැය

 



*මධුවිත* 


වැහි පොදට රැව් දෙන 

යහමින් රත් පැහැය 

තොල ගා හුස්මකින්

හිස් උනු බෝතලය 


පෙරලුනු වීදුරුව 

තවමත් හතර අත 

වැහිරෙන මධුවිතට 

ඉඩකඩ සලසාම 


නොනැවතී ඇද හැලුණු 

වැස්සටම හිමි කියපු

මධුවිතත් හිස් වෙන්න

උදෑසන හිරි වැටෙන 

සයන මත හැලී ඇති

දුටු දෙයින් බිඳුනු බව  🍻

Monday, April 8, 2024

ගිමන් හල 🌟

 


*ගිමන් හල*


නවතින්න අවැසිම ද 

හති ලා දා පෙරෙන 

සීගිරි කන්ද දැක 

ඈත සිට සිංහයත් 

නැගිට මැලි කඩනු පෙනෙ


සීතලම නුවරඑළි

දෙසටම මුව යොමන් 

හීන් සිරිකඩ පොද අස්සෙ 

හෙමින් හිඳ සුවඳ විඳ

මේ සියලු දැක සැනසු 

සිතේ අතරමං කොට 


දුම් ගහන තද කහට 

හකුරු අත ගුලි කරන් 

තවත් දුර යන්න ඇති 

හිඳින් 

නවතින්න අවැසිම ද 💚

සිහිනෙන් හෝ 🎀💖

  ඔබේ පපුවේ හදගැස්ම මා විදින මේ මොහොත, මා හැර දමා යන්නේ නැත ඔබේ හදවතේ ස්පන්දනය ගෙන එන්නා වූ සැනසීම. ඒ සැනසීම, ලොව අන්  කිසිදු ප්‍රේමයක නොමැත...