ඔබේ පපුවේ හදගැස්ම
මා විදින මේ මොහොත,
මා හැර දමා යන්නේ නැත
ඔබේ හදවතේ ස්පන්දනය
ගෙන එන්නා වූ සැනසීම.
ඒ සැනසීම,
ලොව අන් කිසිදු ප්‍රේමයක නොමැත.
ඔබේ පපුවට හිස තබාගෙන,
මැවූ තරු රටාවන්වල අපූර්වත්වය,
සුන්වූවා හිරු නැඟුණු සැනින්.
එය සිහිනයක් පමණක් විය.
නැවතත් මා බලා හිදිනුයේ
හෙට සඳ පායා රාත්‍රිය උදා වන තුරුය.
මන්ද ඒ
සිහිනෙන් හෝ ඔබේ පපුවට කැටි වී,
අනේකවිද තාරුකා රටා මවමින්
ඔබ සමග රැදෙන්නට.
මගේ ආදරණීය මෑණියනි !

