*දවසෙ පඩිය*
නිවසට පය තබන
කප්පරක් හීන පොදි
දියවි යන මහ වැස්ස බඳු වූ
සොච්චමයි අත වැකෙනු
කෙසේ නම් පවසම්ද ?
පාසලේ හිඟ මුදල්
පන්තියට තව මිටක්
සැමට මුල මතකයේ
අවසනට පවසන්න කියා සිටි
පොලුත් නෑ
හාල් මිටකට හෙට ගෙවා දමනු රිසි
පොඩි උන්ට කිරි පිටිත් නැතුවාට කමක් නෑ
කහට උගුරක් තොල ගාන්නට
උනුන් දැන් පුරුදු වී
සැම පියවා හිඳ
පොඩි එකී අතේ එල්ලී
ටොෆියක් නැද්ද අසනු
සවනත් බෙර හඬට හරි බරි ගැහී මෙන්
අතේ ඇති සොච්චම

♥️♥️
ReplyDelete🥺❤️
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletecreative 🤩🤩
ReplyDelete❤️❤️👏
ReplyDelete❤️❤️
ReplyDeleteNice
ReplyDelete❤🥺👌
ReplyDeleteජිවිතේ යථාර්ථය .... ❤
ReplyDelete❤️🥺🥺 ජිවිතේ සෑබෑ ස්වරූපය
ReplyDelete